Wednesday, August 14, 2013

Samsung සමාගමේ පළමු smartwatch එක “galaxy gear” ලබන මස හදුන්වාදෙන බව නිවේදනය කරයි

Samsung සමාගම smartwatch එකක නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යන බව සෑහෙන කලක පටන් විවිද කටකතා ඔස්සේ අපිට අසන්නට ලැබුනා. නුමුත් ඔවුන් එය කෙදිනක හදුන්වාදේවිද යන කාරණය පිළිබද කිසිදු තොරතුරක් අසන්නට ලැබුනේ නැහැ. නමුත් දැන් අපිට කියන්නට පුළුවන් මෙම Samsung smartwatch එක ලබන මස පළමු සතිය තුල ඔබට දැකගත හැකිවනු ඇතිබව. ලබන මස හතරවැනිදා ආරම්බවන IFA trade show එක තුලදී පැවැත්වෙන Samsung Unpacked event එක තුලදී “Galaxy Gear” ලෙසින් නම්කර තිබෙන තමන්ගේ පළමු Smartwatch නිෂ්පාදනය හදුන්වාදීමට අපේක්ෂාකරන බව Samsung සමාගම මේ වන විට නිවේදනය කර හමාරයි. ඒවගේම එදිනට ඔවුන් ඔවුන්ගේ නවතම Galaxy Note III device එකත් හදුන්වාදීමට සුදානම් වන බව මීට දින කිහිපයකට පෙර අපි ඔබට වාර්තාකර සිටියා.

මෙම Galaxy Gear (SM-V700) කියන්නේ Samsung smartphones වලට සයක උපකරණයක් වෙනු ඇති බව අපට හිතන්නට පුළුවන්. මෙම Galaxy Gear device එක මොනවගේද හා මෙම device එකේ ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු තවමත් අනාවරණය වී නැහැ. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුල මේ පිලිබදව තවත් තොරතුරු අනාවරණය වේ යැයි අපි අපේක්ෂා කරනවා. රැදී සිටින්න අපත් සමගින්.

0 comments: