Wednesday, November 13, 2013

මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ?



මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි guest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone  එක හසුරුවන්න පුලුවන්.

අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissions සැකසිම firewall එකක් run කිරිම… වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.

0 comments: