Wednesday, November 13, 2013

එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ

PowerTrekk

slide0 එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
සුර්ය කෝෂ  මඟින්  සුර්ය ශක්තිය ලබාගෙන ක්‍රියාත්මක වන solar charger සඳහා බලන්  ඉඳලා එපා වෙලාද? එහෙම නම් ඔයාලට පුළුවන්PowerTrekk mobile charger එක භාවිතා කරන්න. ඉතා කුඩා ප්‍රමාණයේ (pocket sized) PowerTrekk ශක්තිය ක්ෂණිකව උත්පාදනය කරන්නේ ජලයෙන්. එක තේ හැන්දක ජල ප්‍රමාණයකින් නිපදවෙන ශක්තියෙන් phone එකක් charge කරන්න ,  camera එකක් හෝ ඕනෑම USB cable එකක් සහිත ඉලෙක්ට්‍රොනික උපකරණයක් charge කර ගන්න පුළුවන්. මේ නිසා ඔබට ඕනෑම වෙලාවක ඕනෑම තැනක දී  මේ PowerTrekk mobile charger එක භාවිතා කරන්න පුළුවන්. powertrekk.com
 

DIA Parrot by NoDesign

parrot dia 5133034 එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
Digital Frames තාක්ෂණය මේ වන විට බොහෝ දුර පැමිණ තිබුනත් DIA තරම් හුරුබුහුටි සිත් ඇඳ ගන්නා සුළු නිර්මාණයන් බිහි වෙලා තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මෙහි සුවිශේෂිතා කිව්වොත්, මෙහි විදුරු ආවරණය සහ high-definition LCD display එක අතර ඇති දුර ඉතා අඩු ප්‍රමාණයක් වීම නිසා පින්තුර වලට 3D බවක් , ගැඹුරක් පෙන්නුම් කරනවා. WiFi හෝ Bluetooth connection එකක් භාවිතයෙන් smartphones, tablets, laptops, Flickr, Picasa වැනි ඕනෑම මූලාශ්‍රයකින් අවශ්‍ය පින්තුර මෙම frame එකට ලබා ගන්න පුළුවන්. parrot.com

Suunto Elementum Terra Watch

20110506 ss digital terra watch එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
Elementum Terra විසින් එය පැළඳ සිටින කෙනාට ඒ අවට පරිසරයේ විවිධ දත්ත සංඛ්‍යාන ලබා දීමට සමත් වෙනවා. මෙහි ඇති විශේෂාංග අතරට උච්චමාපකයක් (altimeter ) , මාර්ග උද්දමන සටහන ( track ascents) සහ 3-D මාලිමාවක් (3-D compass ) ඇතුලත්. ඊටත් අමතරව මෙය වායුගෝලීය පීඩනය monitor කර කාලගුණ වෙනස් වීම අනුමාන කර දැක්වීමටත් සමත් කම් දක්වනවා. suunto.com


 

Etón Raptor Solar Charger

20110506 ss digital solar charger එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
එළිමහනේ භාවිතයට අවශ්‍ය උපදකරණ සහ අවදානම් අවස්ථා වලදී භාවිත කල හැකි උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුකයන් වන Etón විසින් නිර්මාණය කරන ලඳ solar charger එකක් තමයි මෙය. මෙහි ඇති විශේෂාංග ලෙස digital radio tuner එකක් , barometer එකක් , alarm clock එකක් සහ compass එකක් නම් කරන්න පුළුවන්. මේ සියලුම විශ්ෂාංග එක රැස්වෙලා හුරුබුහුටි ආවරණයක් සමඟ ඔබ වෙත එන්නේ bottle opener එකකුත් සමඟයි.  etoncorp.com

Dual XGPS150

20110506 ss digital dual xgps150 එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
ඔබගේ mobile device එකේ GPS තාක්ෂණය ඇතුලත් නොවේ නම් Dual’s XGPS150 එක භාවිතයෙන් ඔබේ mobile device වලට GPS තාක්ෂණය ලබා ගන්න පුළුවන්. iPod Touch සහ ඇතැම් laptops වල GPS තාක්ෂණය නැහැනේ . ඉතින් Dual’s XGPS150 තමයි ඒ සඳහා එකම විසදුම. මෙම උපකරණය mobile device එකට සම්බන්ධ වෙන්නේ Bluetooth හරහා. බොහෝ smartphones වලින් ලැබෙන GPS දත්ත වලට සාපේක්ෂව මෙයින් ලැබෙන දත්ත ඉතා නිරවද්‍ය බව පැවසෙනවා. dualav.com

0 comments: