Thursday, August 8, 2013

Neobux භාවිතයෙන් මුදල් උපයන අයුරු

ආයුබෝවන් යාළුවනේ,  මම කිව්ව විදියටම Neobux භාවිතයෙන් මුදල් උපයන අයුරු කියා දෙන්න post එකක් අරන් ආවා. හැබැයි ඉතින් ආයෙ එන්න නම් සතියක් ගියා තමයි. දන්නවනේ මම කාර්ය බහුල කෙනෙක් විත්තිය. ඔයාලා වෙනුවෙන් මේ සයිට් එක ලියන්න ගත්තේ කාර්ය බහුල ජිවිතේ වෙනසකටත් එක්කනේ. මගේ බ්ලොග් එකට පිටරැටියොත් ගොඩක් දෙනේක් ඇවිත් යන බව මට දැකගන්න ලැබුනා. ඉතින් මම හිතුවා  මම ලියන post එක පිළිබදව ඉංග්‍රීසියෙන් ටිකක් ඒ අයටත් කියවන්න දාන්න. මොකද අපි ගාව තියෙනවානෙ ආගන්තුක සත්කාර කියල වටිනා ගුණාංගයක්. පාර වැරදිලා ගෙදරකට ගොඩවුනත් වතුර වීදුරුවකින්වත් සංග්‍රහකරන පුරුද්දක්. ඉතින් ඒ එන අයටත් යම් සංග්‍රහයක් කරන එකේ වැරැදුදක් නෑ කියලා හිතුනා. ඒ නිසා මෙහි පහලින්ම මේ ගැන ඉංග්‍රීසියෙන් ටිකක් දැම්මා.

එහෙනම් අපි පටන් ගනිමු.අපි අන්තර්ජාලයෙන් PTC භාවිතයෙන් මුදල් උපය විටදී අපට මුලින්ම විශාල මුදලක් ලැබෙන්නේ නැහානේ. මුලදී අපේ Account balance එක ඉහල යන්නේ ඉතා හෙමිහිට. ඒත් ටිකක්කල් යන විටදී එය ඉතා සීඝ්‍ර වැඩිවීමක් පෙන්නනවා, අපේ කළමණාකරණය හරහා. ඒත් ඉතින් එහෙම කරන්න අපට ඉතා පහසුම PTC සයිට් තමා මේ Rented Referral ගන්න ලුළුවන් සයිට්. මේ තත්වය බොහෝවිට තියෙන්නේ bux කියන PTC සයිට්වලයි. ඉතින් මම ඔබට අන්තර්ජාලයට මුදල් උපයන සරල ක්‍රම කියාදීම ආරම්භ කරන විටදීම probux  කියන PTC සයිට් එක ගැන කියලා දුන්නනේ. 

මේ Neobux කියන PTC එක ඉතා ජනප්‍රිය එකක්. ඒ වගේම probux වල දෙන පහසුකම් සියල්ලම මෙහිත් ලබාදෙනවා   මෙය බොහෝ කාලයක් අන්තර්ජාලය තුළ රැදී සිටිමින්, නියමිත පරිදි අඛණ්ඩව තම සාමාජිකන්ට මුදල් ගෙවමින් පවතින බවට සාක්ෂි තියෙන නිසා මෙම සයිට් එක විස්වාසනීය එකක් ලෙස හදුන්වන්න පුළුවන්. හැබැයි මෙහි ඉපයීම probux සයිට් එකට සාපේක්ෂව සෙමින් තමා වැඩිවෙන්නෙ. කොහොම උනත් මේ සයිට් එකෙන් අපේ ඉවසීම හා කැපවීම මත වැඩි මුදලක් උපයා ගන්න පුළුවන්.
එහෙම නම් අපි බලමු මෙහි ලියාපදිංචි වන ආකාරය. මෙතනින් ගිහින් Neobux සයිට් එක Open කර ගන්න. පහළ රූපය බලන්න.
දැන් එහි රතුරවුමෙන් පෙන්නල තියෙන තැන් දෙකෙන් කොතනක හෝ තියෙන  Register කියන තැන Click කරන්න. එවිට පහත ආකාරයේ පෝර්ම් එකක් ලැබේ එම රූපයේ විස්තර කර ඇති පරිදි එම පියවර සම්පූර්ණ කරන්න. අවසානයේදී Continue කියන button එක Click කරන්න.
2
දැන් ඔබ ලබාදුන් email address එකට verification link එකක් යවනු ලබනයි. දැන් ඔබ එම email එකට login වන්න. දැන් ඒ ලැබුණු mail එක open කරන්න. දැන් එහි ඇති නිල්පාට ලින්ක් එක ක්ලික් කරන්න. එවිට පහලරූපයේ පරිදි ලැබෙන ඩින්ඩෝව හරහා Neobux සයිට් එ‍කේ ඔබේ ගිණුමට ඇතුල් වන්න. පහත රූපයේ අංක අනුපිළිවෙළට කටයුතු කරන්න.
04
දැන් ඔබගේ Neobux ගිණුමට ඇතුල් වන අතර ඔබගේ තොරතුරු එහි දැකගතහැක.
5 probux ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන නිසා වැඩිදුරට විස්තර කරමින් මෙය දීර්ග කිරීමට අපේක්ෂා නොකරමි . 
නමුත් මෙහි ads බලද්දි නම් ටිකක් වෙනස්. මෙහිදී ad එක උඩ click කළාම රතු පාට තිතක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 01 හා 02 බලන්න. නැවත එම තිත මත click කළාම ad එක පෙන්නනවා. ad එක පෙන්නන කාලය තුළ ඩින්ඩෝ එක පහලින් කහපාට තීරුවක් වමේ සිට දකුණට පිරෙනවා දැකගත හැක. පහත රූපයේ අවස්තාව 03 බලන්න. එය පිරී අවසන් වූ විට ඔබගේ ගිණුමට මුදල් බැර වූ බව සදහන් පණිවිඩයක් සමග තැඔිලිපාට Close button එකක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 04 බලන්න.  දැන් එය මත ක්ලික් කර, එය Close කර නැවත අලුත් ad එකක් බලන්න. අනෙක් සියල්ල probux වලට සමාන වේ. (මෙහිත් තැඹිලි පාට ads බැලීම අනිවාර්යයි)
6
එහෙනම් යාළුවනේ මම අදට මෙතනින් නවතිනවා. ගැටළුවක් මතුවුනොත් comment එකක් දාන්න. තවත් Post එකකින් ඉක්මනින්ම හමු වෙමු.

පැමිණි සියලු දෙනාටම ජයෙන් ජය!!!



0 comments: