Wednesday, June 12, 2013

සයිබර් ප්‍රහාර වැඩි ම ප්‍රතිශතයක් වාර්තා වන රටවල් අතර අට වන ස්ථානය හිමි රට ශ්‍රී ලංකාව

ලෝකයේ පරිගණක සහ සයිබර් ප්‍රහාර වැඩි ම ප්‍රතිශතයක් වාර්තා වන රටවල් අතර අට වන ස්ථානය හිමි රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ.මේ බව අනාවරණය වී ඇත්තේ, කැස්පර්ස්කි පරිගණක ආරක්ෂණ සමාගම විසින් සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි.

එම සමාගම පවසන්නේ, ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන මුළු පරිගණක සංඛ්‍යාවෙන් සියයට 51 ක ප්‍රතිශතයක් සයිබර් ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක පසුවන බව ය.ශ්‍රී ලංකාවේ පරිගණක හරහා ඉන්ටර්නෙට් භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 32ක් පමණ වන අතර එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 15 ක ප්‍රතිශතයකි.ලෝකයේ පරිගණක සහ සයිබර් ප්‍රහාර වැඩි ම ප්‍රතිශතයක් වාර්තා වන රට ලෙස රුසියාව හඳුනාගෙන තිබේ.එහි ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් සියයට 59 ක ප්‍රතිශතයක් සයිබර් ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක පසුවේ.දෙවන සහ තුන් වන ස්ථාන හිමි රටවල් ලෙස තජිකිස්ථානය සහ අසර්බයිජානය නම් කර තිබේ.

පසුගිය දිනවල ලංකාවේ විවිධ ආයතන වලට සයිබර් ප්‍රහාර වලට ලක්වීමට සිදුවීම සුලබ දසුනක් ලෙස දකින්නට ලැබුණා.ලංකාවේ මේ තවතව තවත් උග්‍ර වනු ඇති බවට විචාරකයින් මත පළ කරනවා.

0 comments: