Wednesday, June 12, 2013

Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය

Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු ගානක්. මේ අවුරුද්දේ Windows 8 ඇවිත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද?
හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා.ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? එහෙම කිව්වට එහෙමම නෑ හැබැයි. Microsoft Windows Language Interface Pack (LIP) පැකේජය මඟින් තමයි මේ පහසුකම දෙන්නේ


උපදෙස්

අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු වBitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.

Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.

Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Propertiesතෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.
පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, Bit-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.

bit-32 අනුවාදය ස්ථාපනය කර ගැනීමට ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් භාවිත කළ හැකිය:


  1. බාගැනීම්ය බොත්තම ක්ලික් කර, LIP ස්ථාපනය කිරීම සඳහා ඉන්පසු Open ක්ලික් කරන්න


  2. නැතහොත්

  3. බාගැනීම්ය බොත්තම ක්ලික් කර,
    • ගොනුව ඔබේ පරිගණකයට පිටපත් කරගැනීම සඳහා ඉන්පසු Save ක්ලික් කර,
    • LIP ස්ථාපනය කිරීම සඳහා බාගත් ගොනුව වෙත ගොස් එය දෙක්ලික් කරන්න

Bit-64 අනුවාදය ස්ථාපනය කර ගැනීමට, ඔබ ඉහත 2 වෙනි ක්‍රමය භාවිතා කළ යුතුය. 
පහත කොටසේ ඇති ලින්ක් සබඳතා මෙම බාගැනීම්හි ඇති වෙනමම ගොනු හා සම්බන්ධ වේ. ඔබට වඩාත් ගැලපෙන ගොනු බාගන්න.
  
                                                         Windows 7 Bit 64 ලින්ක් එක මෙතනින්.
                                                         Windows 7 Bit 32(86) ලින්ක් එක මෙතනින්
එහෙනම් ඔන්න මේ ලිපියේ හොද-නරක, අඩු-පාඩු, මේ ගැන අළුත් දේ ගැනත් කියලා commentදාලා යන්න අමතක කරන්න එපා

0 comments: