Friday, December 27, 2013

ස්මාට්ෆෝන් රූට් කරගන්න පහසු ක්‍රමයක්

අදත් මම ආව ඔයාලට ෆට්ට වටින පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන.ඇත්තටම දැනට අවුරුදු 2කට 3කට විතර කලින් නම් රූට් කරනවා කියන්නෙ තරමක වෙහෙසකර කාර්යයක් තමයි.ඒ වගේම රූට් කරන්න තිබ්බ ක්‍රම් ඉතාම අල්පයි.නමුත් අද වන විට තත්වය හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා.නවීන රූටින් ක්‍
රම ගොඩාක් විවිද ආකාරයෙන් විවිද ජංගම දුරකතන මාදිලි වලට නිර්මාණය කරල තියෙනවා.
නමුත් සෑම මාදිලියකටම වගේම අප්‍රසිද්ධ ස්මාට් ෆෝන් රූට් කරන්න ගියාම විශාල කරදරයකට මුහුනපාන්න සිදු වෙනවා.ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ මෙච්චර දවසක් ඔයාලගෙ ගාව තියෙන ඒ වගේ රූට් කරගන්න බැරි උන ස්මාට්ෆෝන් රූට් කරගන්න පහසු ක්‍රමයක් තියෙන පොඩි ජිල්මාට් එකක්..!! හරි කතාව ඇති කරලම බලමු කොහොමද කරන්නෙ කියල.!

මුලින්ම කියන්න ඕන මේක කරද්දි සිදු වන කිසි දේකට මම වගකියන්නෙ නෑ.නමුත් මම ටෙස්ට් කරපු කිසිම ෆෝන් එකකට මුකුත් වෙලත් නෑ.ඉතාමත් සාර්තක අන්දමින් රූට් වෙලා තියෙනවා කියල මට සතුටින් කියන්න පුලුවන්.

ඔයාල ගාව තියෙන Dialog i35 සහ i43 කියන දුරකතනත් කිසිම අවුලක් නැතුව රූට් කරගන්න මේකෙන් පුලුවන්.මම ටෙස්ට් කරල තියෙනවා.Huawei Y210 උනත් පුලුවන්.ඒ වගේම මෙමගින් Alcatel වැනි ස්මාට්ෆෝන් සහ SkyVega සහ රූට් කරන්න අමාරුයි කියපු LG L3 ස්මාට්ෆෝන් එකත් ලේසියෙන්ම රූට් කරගැනීමෙ හැකියාව තියෙනවා.ඉතින් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.!! :ඩි කියන්න අමතක උනා.මයික්‍රොමැක්ස් නින්ජා Micromax A54 එකත් මේකෙන් රූට් කරගන්න පුලුවන්.!! තව අම්බානකටත් වැඩියෙන් තියෙන ස්මාට්ෆෝන් මේකෙන් රූට් කරගන්න පුලුවන් :3 :3

අපි මේක කරන්න යොදාගන්නෙ පොඩි සොෆ්ට් කෑල්ලක්.ඒක තියෙන්නෙ නම් කඩ්ඩෙන් #English වලින් නෙමෙයි.කොරියානු භාශාවකින් තමයි.ඒත් මහ දෙයක් කරන්න නෑ.පල්ලෙහා මම දාල තියෙන පුන්‍චි පියවර වලින් ඔයාලගෙ ජංගම දුරකතනය රූට් කරගැනීමේ හැකියාව තියෙනවා.ඔන්න පල්ලෙහා මම දාල තියෙනවා ඩිරෙක්ට් ලින්ක් එක.මේකෙ තියෙන තවත් විශේශත්වයක් තමයි මෙම සොෆ්ට්වෙයාර් එක ඉතාමත් කුඩා වීම.ලොකු ගානක් නෑ 5MB වගේ ෆයිල් සයිස් එකක් තමයි තියෙන්නෙ.!! ඩවුන්ලෝඩ් කරගෙනම බලමුකෝ.!!

ඩවුන්ලෝඩ්((Download))

ඉහත ලින්කුවෙන් ෆයිල් එක ඩවුන්ලෝඬ් කරගැනීමෙන් අනතුරුව එය ඕපන් කරගන්න.හතර පාරක් Next යන්න ලබා දෙන්න. :3 :3 :3 ඉන්පසුව Finish යන්න ලබා දෙන්නන.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.

දැන් ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ සකස් කරගෙන හමාරය.දැන් ඉතින් තියෙන්නෙ ඔයාගෙ දුරකතනය හෙවත් ස්මාට්ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට ස්ම්බන්ද කීරීමයි.

සැලකිය යුතුයි:- මෙම රූට් කිරීමෙ ක්‍රියාවලිය සාර්තක කරගැනීමට සක්‍රීය අන්තර්ජාල සමබදතාවයක් අවශ්‍ය වේ.!!

සම්බන්ද කිරීමෙන් අනතරුව ඔබගෙ ස්මාට්ෆෝන් එකට අදාල ඩ්‍රයිවර්ස් හා අනිකුත් අවශ්‍ය දෑ වහා මෙම සොෆ්ට්වෙයාර් එක මගින් ඩවුන්ලෝඩ් කරගනු ඇත.එහිදී 20MB වලට කුඩා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරගැනීමට අවශ්‍ය වන අතර එය සොෆ්ට්වෙයා එක විසින් ඉබේම ඩවුන්ලෝඬ් කරගනු ලබන අතර එය ඩවුන්ලෝඩ් වන තෙක් මදක් රැදීසිටින්න.එය ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව එය ඉස්තාපනය කිරීමට මැස්ජ් එකක් පැමිනියහොත් එය Yes කරන්න.ඉන්පසු එය ස්තාපනය වීමෙන් අනතරුව ඔබගේ ස්මාට්ෆෝන් මාදිලිය පහත ආකාරයට දැකගත හැකි වේ.

රෝස පාටින් මා සලකුනු කර ඇති ආකාරයට ඔබගේ ජංගම දුරකත මාදිලිය දිස්වේනම් ඔබ සාර්තක ලෙස ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන අපගේ අවසාන පියවරට කලින් පියවර තෙක් ඇවිල්ල තියෙනවා.

සැලකිය යුතුයි:- මෙම පියවර අදාල වන්නේ ඩ්‍රයිවර්ස් අරගෙන නැති අයට පමනි.

මේ ආකාරයට ඔබගේ දුරකතන මාදිලිය මෙතන පෙන්වන්නේ නැතිනම් ඔබට ඩ්‍රයිවර්ස් Manually Install කරගන්න වෙනවා.ඉතින් ඒක කරන විදිය මම දාල තියෙනවා.



ඉහත ලින්ක් එකට ගොස් ඔබගේ දුරකතන මාදිලියට අදාල ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඬ් කරගෙන ඉස්තාපනය කර නැවත මෙම සොෆ්ට්වෙයාර් එක ඕපන් කර ස්මාට්ෆෝනය පරිගනකයට සම්බන්ද කර බලන්න.!! :) :)

හරි ඉහත රූපයේ ආකාරයට සාර්තකව ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව මා විසින් එම රූපයේ රතු පාට කොටුවකින් සලකුනු කර ඇති කොලපාට කොටුව මත ක්ලික් කරන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ඔබට දැකගන්න පුලුවන්.


මද ප්‍රොසෙස් වීමකින් අනතුරුව ඔබගේ ස්මාට්ෆෝන් එක රීස්ටාට් වීමකට ලක්වනු ඇත.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් පැම්නේ.


මෙම වින්ඩෝවට පැමිනියේ නම් ඔබ ඉතාමත් සාර්තක ලෙස ඔබගේ ස්මාට්ෆෝන් එක රූට් කරගෙන අවසානයි.!! මෙම සොෆ්ට් එකෙ තියෙන තවත් විශේශාංගයක් තමයි අනිත් රූටින් ක්‍රම වල වගේ ෆෝන් එක හතර පස් පාරක් රීස්ටාට් නොවීම.එක පාරයි.බඩු ශුවර්.!! ;) ;) රූට් වෙලා ඉවරයි.වැඩේ ගොඩද කියල බලන්න ෆෝන් එක ඔන් උනාම Superuser කියල ලස්සන App එකක් ඔයාගෙ ඇප්ස් අතරෙ තියෙනවද කියල

ඉතින් යාලුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ ඉතාමත් සරල ඒ වගේම පහසු ඒ වගේම බඩු ශුවර් සොෆ්ට් එකක්.මේව ඉතින් කට්ටිය ගාව තියෙනවා.ලීක් කරන්නෙ නෑ.ඉරිසියාවට වගේම අනුන් යමක් දැන්ගන්නවට තියෙන අකමැත්තට.අපි එහෙම නෑ කියල හැමෝම දන්නවනේ.කවදත් කවුරු මොනවා කිව්වත් හොදම දේ ඔයාලට දෙනවා.


0 comments: