ඡායාරූපයකට HDR Effect එක් කරන ආකාරය
ඡායාරූපකරණයේදී කතා බහට ලක්වන ජනප්‍රිය මතෘකවක් තමයි HDR ඡායාරූප. HDR කියන්නෙ High Dynamic Range කියන එකට. සරලව කිව්වොත් HDR පින්තූරයක් කියන්නෙ සාමාන්‍ය ඡායාරූපයකට වඩා, ඡායාරූපයක lighting උලුප්පා දැක්වීමක්. එනම් අදුරු සෙවනැළි වල සිට තීවෘ ආලෝකය ඇති පෙදෙස් අතර පරාසය මේ මගින් උලුප්පා දක්වනවා. සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පියෙක් මේ ආකාරයේ ඡායාරූපයක් සඳහා එකම දර්ශනයේ විවිධ exposure ප්‍රමාණයන්ගෙන් යුත් ඡායාරූප කිහිපයක් ගනු ලබනවා. පසුව ඒවා එක් කිරීමෙන් අවසාන HDR ඡායාරූපය සකස් කිරීම සිදු කරනවා. නමුත් මෙම පාඩමේදී අප අවධානය යොමු කරන්නේ සාමාන්‍ය එක් ඡායාරූපයකින් පමණක් HDR ආකාරයට පෙනෙන ඡායාරූපයක් ගොඩනගා ගන්නා ආකාරය වෙතටයි.

බොහෝ ෆොටෝෂොප් පාඩම් සේම මෙහිදීත් සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවා. එනම් මේ ආකාරයේ ඡායාරූපයක් සාදා ගැනීම සඳහා ෆොටෝෂොප් වල භාවිතා කළ හැකි එකම ක්‍රමය මෙය නොවේ. තවද ඔබ තෝරා ගන්නා ඡායාරූපය අනුව වඩාත්ම ගැලපෙන ක්‍රමයයි ඔබ තෝරා ගත යුත්තේ. නමුත් මෙහි අප සඳහන් කර ඇති ක්‍රමය බොහෝ ඡායාරූප සඳහා සාධාරණ මෙන්ම පහසුද වනවා.
මේ සඳහා අප භාවිතා කරන පින්තූරය පහළ දක්වා තිබෙනවා.

1. ඔබ තෝරාගත් පින්තූරය මුලින්ම ෆොටෝෂොප් භාවිතයෙන් විවෘත කරගන්න. අනතුරුව සුපුරුදු ලෙසම බැක්ග්‍රවුන්ඩ් ලේයර් එකේ කොපියක් සාදා ගන්න.
Layer මෙනුවෙන් Duplicate Layer තෝරා හෝ Ctrl + J කෙටි මාවත ඔස්සේ එය සිදු කළ හැකියි.
Layer මෙනුවෙන් Duplicate Layer තෝරා හෝ Ctrl + J කෙටි මාවත ඔස්සේ එය සිදු කළ හැකියි.

2. දැන් අලුතින් සෑදුනු ලෙයර් එක Desaturate කළ යුතුයි.
ඒ සඳහා අදාළ ලෙයර් එක තෝරා තිබියදී Image >> Adjustments >> Desaturate යන විධානය ලබා දෙන්න. නැතහොත් යතුරු පුවරුවේ Ctrl + Shift + U එක් වර තද කරන්න.
ඒ සඳහා අදාළ ලෙයර් එක තෝරා තිබියදී Image >> Adjustments >> Desaturate යන විධානය ලබා දෙන්න. නැතහොත් යතුරු පුවරුවේ Ctrl + Shift + U එක් වර තද කරන්න.

3. තෙවන පියවර ලෙස එම ලෙයර් එකම Invert කළ යුතුයි. එනම් සුදු හා කළු පැහැයවන් මාරු කළ යුතුයි.
මේ සඳහා ඔබ කළ යුත්තේ Image >> Adjustments >> Invert විධානය භාවිතා කිරීම හෝ Ctrl + I යන කෙටි මාවත භාවිතා කිරීමයි.
මේ සඳහා ඔබ කළ යුත්තේ Image >> Adjustments >> Invert විධානය භාවිතා කිරීම හෝ Ctrl + I යන කෙටි මාවත භාවිතා කිරීමයි.

4. මීළඟ පියවර තරමක් කල්පනවෙන් කළ යුතුයි. එනම් දැන් පින්තූරයේ Layer Mode එක වෙනස් කරගත යුතුයි. මේ පින්තූරය සඳහා අප භාවිතා කරන්නේ Vivid Light ලේයර් මෝඩ් එකයි. ඔබ භාවිතා කරන පින්තූරයට එය නොගැලපේයැයි සිතේනම් Overlay යන ලෙයර් මෝඩ් එක භාවිතා කළ හැකියි.
ලෙයර් මෝඩ් එක වෙනස් කර ගැනීමට ලෙයර් පැලට් එකේ drop down මෙනුවෙන් Vivid Light යන්න තෝරන්න.
ලෙයර් මෝඩ් එක වෙනස් කර ගැනීමට ලෙයර් පැලට් එකේ drop down මෙනුවෙන් Vivid Light යන්න තෝරන්න.

5. දැන් එම ලෙයර් එක සඳහාම Gaussian Blur එකක් එක් කරගත යුතුයි.
Filter මෙනුවට ගොස් Blur >> Gaussian Blur හරගා එය සිදු කර ගැනීමට පුළුවන්. Gaussian Blur වින්ඩෝවේදී Radius අගය සඳහා 30ත් 50ත් අතර ඔබේ පින්තූරයට ගැලපෙන අගයක් ලබා දෙන්න.
Filter මෙනුවට ගොස් Blur >> Gaussian Blur හරගා එය සිදු කර ගැනීමට පුළුවන්. Gaussian Blur වින්ඩෝවේදී Radius අගය සඳහා 30ත් 50ත් අතර ඔබේ පින්තූරයට ගැලපෙන අගයක් ලබා දෙන්න.

6. දැන් එම ලෙයර් එකේම Opacity තරමක් අඩු කරගන්න.

7. ඔබ දැන් ඔබගේ පින්තූරය HDR ආකාරයට පත්වී අවසන්.
8. නමුත් ඔබ 4වන පියවරේදී තෝරාගත් ලෙයර් මෝඩ් එක Overlay නම් තව එක් පියවරක් ලෙස බැක්ග්‍රවුන්ඩ් ලෙයර් එකේ කොපියක් සාදා, අනෙක් ලෙයර් වලින් ඉහලටම ගෙනගොස්, එහි ලෙයර් මෝඩ් එක vivid light ආකාරයට සකසා, Opacity අඩු කර වෙනස සන්සන්දනය කොට බලන්න.

Thanks
ReplyDelete