Friday, April 19, 2013

බොරු Facebook Profile Picture එකක් දාගෙන ඉන්නේ කවුද කියලා හොයා ගන්න


  අද කාලේ facebook fake accounts වැහි වැහැලනේ. ඒත් මම් කියන්න යන්නේ
නම් ඒ fake account හොයගන්න ක්‍රමයක් ගැන නම් නෙවේ. මම කියන්න යන්නේ ගොඩක් ගැහැනූ  අය facebook එකේ තමන්ගේ photo එක දාන්නේ නැතිව ගොඩක් වෙලාවට නිලියක්ගේ වගේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ photo profile picture එක විදියට දාගෙනනේ ඉන්නේ.

සමහර වෙලාවට අපිටත් අදුරගන්න බැරි වෙනවා මේ pictures එකේ ඉන්නේ කවුද කියලා.
ඒ කීවේ මේ profile picture එකේ ඉන්නේ ඒ account එකේ අයිති කාරයද නැත්තම් වෙන ප්‍රසිද්ධ
කෙනෙක්ද කියලා.

මම ඒකට පොඩි ක්‍රමයක් කියන්නම්.  මේක ගොඩාක් දුරට සාර්ථකයි.
හැබැයි මේ ක්‍රමෙන් සම්පූර්ණයෙන්ම කියන්න බැහැ ඒ picture එක එයාගෙමයි(Profile Picture එක
අයිති කෙනාගෙමයි ) කියලා.
හැබැයි කියන්න පුලුවන් ඒ picture එක ප්‍රසිද්ධ කෙනෙක්ගෙද නෙවේද කියලා.

එකටම ඒ සැකයි කියලා හිතන profile picture එක download කරගන්න.
මෙතනදි කියන්න ඕනේ දෙයක් සම්පූර්ණ photo එක තමයි Download කරගන්න ඕනේ.

ඊට පස්සේ මෙන්න මෙතන click කරලා ඒ Google website එකට ගිහින් ඒ picture එක upload කරන්න

Drag and Drop කරන එක තමා මෙතනදි ලේසි වෙන්නේ. 

හරි ඒ picture එකේ ඉන්නේ ප්‍රසිද්ධ කෙනෙක් නම් මේ website එකෙන් හදුනා ගනීවී.

නැති නම් පහල විදියට සමාන Message එකක් ලැබේවි.
මීට වඩා වෙනස් එකක් වෙන්නත් පුලුවන්.


හැබැයි ඒ හැම එකෙන්ම කියන්නේ picture එක හදුනා නොගත් බව වෙන්න ඕනා.
ඔච්චරයි.


    එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ           

 මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

0 comments: